ෂී ජින්පින් මාඕ සේතුංට සමාන කරලා
මාඕ සේතුංගෙන් පසු චීනයට පහළ වුණු අතිවිශිෂ්ට නායකයා වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින් යැයි පාලක කොමියුනිස්ට් පක්ෂය කියයි.
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ බව කියා සිටියේ ජනාධිපති ෂී ජින් පින් හඳුන්වා දී ඇති දේශපාලන ප්රතිපත්ති ඡන්ද විමසුමකින් පසු අනුමත කිරීමෙන් ද පසුවය.
ඡන්ද විමසුම පැවැත්වූයේ බීජිං නුවරදී, කොමියුනිස්ට් පක්ෂ මහ සමුළුව අතරතුරේය. චීන ජනාධිපති ලෙස ෂී ජින්පින් එම ධුරයට පත් කෙරුණේ 2012 වසරේදීය. ඔහුගේ ජනප්රියත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී.
(බී.බී.සී.)