වෙනිසියුලාවේ විරෝධතා තවදුරටත් උග්‍ර වෙයි !
වෙනිසියුලාව පුරා පවතින විරෝධතා තවදුරටත් උග්‍ර වී තිබෙනවා. විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
වෙනිසියුලාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව පැවැත්වුණි. වෙනිසියුලා ජනාධිපති නිකලොස් මධුරෝට ධුරයෙන් ඉවත්වන ලෙස මෙම උද්ඝෝෂකයින් දිගින් දිගටම ඉල්ලා සිටී. විපක්ෂයේ පිරිස් විසින් මෙම උද්ඝෝෂණ මෙහෙයවන අතර වෙනිසියුලාව පුරා ගැටුම් සිද්ධීන් කිහිපයක් ද වාර්තා වුණා.
එම ගැටුම් හමුවේ සිය ගණනක් තුවාල ලබා ඇති අතර සති හතක පමණ කාලයක් තිස්සේ වෙනිසියුලාවේ විරෝධතා පැවැත්වෙනවා. පොලිසිය ද විරෝධතාකරුවන් මර්දනය කිරීමට වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මෙම තත්ත්වය හමුවේ වෙනිසියුලාවේ ආර්ථිකය ද දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර උද්ධමනය සියයට හත්සියයකින් ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් මේ වන විටත් පෙන්වා දී ඇත.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.