විශාලතම යුද නෞකාව දියත්වේ



චීනය එදා මෙදා තුර සිය විශාලතම යුද නෞකාව දියත් කිරීමට පියවර ගෙන තිබේ.

චීනයේ ෂැංහයි වරායේදී මෙම යුද නෞකාව ඊයේ (28) උදෑසන දී ප්‍රදර්ශනය කිරීමටයි චීන බලධාරීන් කටයුතු කරනු ලැබීය. සියලුම අවි ආයුධ සමගින් සන්නද්ධ මෙම නෞකාව ටොන් 12,000ක පමණ බරකින් යුක්ත වේ.

චීනය මෙවැනි ප්‍රහාරක යුද නෞකා හතරක් නිර්මාණය කිරීමටයි තීරණයකර තිබේ. ඉන්දියාව මෑතකදී දියත් කළ යුද නෞකාවට වඩා විශාල පහසුකම් හා නවීන අංගෝපාංගවලින් මෙම නෞකාව සමන්විත වන අතර  මිසයිල 120ක් පමණ මෙම නෞකාවේ රැගෙන යාහැකි බව චීන බලධාරීන් සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )

සවුත් චයිනා මෝර්නින් පෝස්ට් ඇසුරෙනි.


RECOMMEND POSTS