වායු දූෂණයට එරෙහි සටන



වායු දූෂණයට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක භූමියක් බවට ආසියාව පත්ව ඇතැයි ජගත් සංවිධානය පවසයි.

බැංකොක් නුවර පැවති ජගත් සංවිධානයේ වායු දූෂණ සමුළුවේදී මේ බව සඳහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව මානව සෞඛ්‍යයට බලපා ඇති වඩාත් අහිතකරම පාරිසරික තර්ජනය වායු දූෂණයයි.  අඩු හා මධ්‍ය අදායාම් ලබන රටවල් මරණ වලින් 90%කටම වායු දූෂණය බලපා ඇති අතර එයින් තුනෙන් දෙකක්ම වාර්තා වන්නේ අග්නිදිග ආසියාවෙන් සහ පැසිෆික් කලාපයෙනි.  

2016 වර්ෂයේදී වැඩිම නාගරික වායු දූෂණයක් වාර්තා වී ඇත්තේ අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ රටවල්වලිනි.

පසුගියදා බැංකොක්හි පැවති ජගත් සංවිධානයේ වායු දූෂණ සමුළුවට සහභාගිවූ නියෝජිතයින් එහිදී ප්‍රකාශ කලේ වායු දූෂණ සීමාවන් දැඩි කිරීම සඳහා කටයුතු කල යුතුව ඇති බවයි.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් අැසුෙරනි.


RECOMMEND POSTS