වසර 6 කට පසු අල් කයිඩාවෙන් නිදහස්
වසර 6 ක් තිස්සේ අල් කයිඩා ත්රස්තවාදීන්ගේ ප්‍රාණඇපයේ සිටි ස්වීඩන ජාතික ජොහැන් ගුස්ටාෆ්සන් නිදහස ලැබුවේය.
42 හැවිරිදි ජොහැන් ගුස්ටාෆ්සන් අප්‍රිකාවේ සිට යළි ස්වීඩනය බලා පැමිණි බව ස්වීඩන විදේශ කටයුතු අමාත්‍ය මාග්‍රට් වෝල්ස්ට්‍රෝම් පවසා ඇත.
ජොහැන් ගුස්ටාෆ්සන් ප්‍රාණ ඇපයට ගත්තේ අප්‍රිකා කලාපයේ ක්‍රියාත්මක වන අල් කයිඩා සංවිධානයයි.
ස්වීඩන රජය, විදේශ කටයුතු අමත්‍යාංශය සහ අප්‍රිකා රටවල ද සහාය ඇතිව ජොහැන් ගුස්ටාෆ්සන් වසර 6 කට පසු බේරා ගැනීමට හැකිවුණු බව වාර්තා වේ.
(රොයිටර්)