වර්ණවලින් අලංකාර පොකුණ



චීනයේ උතුරුදිග ෂාන්ක්සි පළාතේ පිහිටි කරදිය විලක  ජලය දීප්තිමත් වර්ණවලින් වලින් අලංකාරවී ඇති අයුරු මේ දිනවල දක්නට ලැබේ.

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ විල මෙලෙස විවිධ පැහැයන් ගෙන ඇති බව වාර්තා වේ.චීනයේ ෂාන්ක්සි පළාතේ යුන්චෙන් නගරයේ පිහිටි මෙම කරදිය විල වසර දහස් ගණනක් පැරණි බවද සඳහන් වේ.

පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමග විලේ පැතිරී ඇති ඇල්ගී සහ කරදිය කූනිස්සන් හේතුවෙන් මෙම වර්ණ ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවිධ වර්ණ වලින් යුත් ඇල්ගී විශේෂ හේතුවෙන් දීප්තිමත් රතු, කොළ වැනි වර්ණ රැසකින් විලේ ජලය මේ දිනවලදී දිස් වේ.

මෙම කරදිය විල වර්ග කිලෝමීටර් 132ක භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර සෝඩියම් සල්ෆේට් සහිත ගොඩබිම අභ්‍යන්තරයේ පිහිටි  ලොව විශාලතම කරදිය විල් තුන අතරින් එකක් බවද සඳහන් විය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS