වකුගඩු නරක් වෙලා



මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරදකරු වී, රාවල්පිණ්ඩි බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් පෙන්නුම් කරන බව බන්ධනාගාරයේ වෛද්‍යවරු අනතුරු අඟවති.

රුධිර පරීක්ෂාවකින් වකුගඩු අක්‍රිය වෙමින් පවතින බව තහවුරු වුණු බවත්, හිටපු අගමැති ෂරීෆ් හෘද රෝගියකු බවත් වෛද්‍යවරුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

වෛද්‍ය නිර්දේශය මත, නවාස් ෂරීෆ්, බන්ධනාගාර බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගත කෙරුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS