රොහින්ග්‍යා වැසියෝ 6,700 ක් මියගිහින්



එක් මාසයකදී, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් 6,700 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මෙම මරණ වාර්තා වී ඇතැයි පැවැසෙන්නේ පසුගිය අගෝස්තු 25 වැනිදා සිට මාසයක කාලයකදී යැයි ද එම වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වී ඇත.

දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංගමය යනු ප්‍රංශයේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකි. ඔවුන් පවසන පරිදි මෙම පිරිස මියගොස් ඇත්තේ මියන්මාරයේ ඔවුන් ජීවත් වන රකීන් පළාතේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS