රහස්‍ය මූල්‍ය ගනුදෙනු එළියට
එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගනුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන රැසක් අනාවරණය වී තිබේ.
‘පාරාදීස පත්‍රිකා’ එසේත් නැතිනම් ‘පැරඩයිස් පේපර්ස්’ යනුවෙන් නම් කර තිබෙන මෙම ලිපි ලේඛන පසුගිය වසරේදී ප්‍රසිද්ධියට පත්වූ ‘පැනමා පත්‍රිකා’ එසේත් නැතිනම් පැනමා පේපර්ස්වලට පසුව අනාවරණය වූ විශාලතම ලිපි ලේඛන තොගය යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
අක්වෙරළ ගිණුම් (තම මවුබිමෙන් පිටතදී පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර) ජාලයක් භාවිත කරමින් ලොව ධනවත්ම සහ බලවත්ම පුද්ගලයන් තම ධනය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ ආකාරය මෙම ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අනාවරණය වී තිබේ. මේ අනුව රහස්‍ය ලිපිගොනු මිලියන 13.4ක් එනම් ලක්ෂ 134ක් ප්‍රසිද්ධියට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය වසරේදී මෙන් මෙවරත් මෙම රහස්‍ය ලිපි ලේඛන අත්පත් කරගැනීමට සමත්ව ඇත්තේ ජර්මනියේ පුවත්පතක් වන ‘සූඩොයිච් සයිතුන්ග්’ පුවත්පතයි. ජර්මනියේ විශාලතම දිනපතා පුවත්පත වන්නේ ද මෙයයි.
අදාළ ලිපි ලේඛන තමන් සතු වීමත් සමඟ ‘සූඩොයිච් සයිතුන්ග්’ පුවත්පත ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ (සම්මුතිය) සංගමයට අදාළ තොරතුරු හුවමාරු කරගෙන තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආසන්න වශයෙන් මාධ්‍ය ආයතන 100ක් හා එක්ව අදාළ ලිපිගොනු විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ද ගාඩියන්, බී.බී.සී (බී.බී.සී පැනොරාමා) ආදී මාධ්‍ය ආයතන ද එම කටයුත්තට සම්බන්ධ වී සිටියි.
ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට අනුව විමර්ශන කටයුත්තට රටවල් 67ක ජනමාධ්‍යවේදීන් 380කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති. පාරාදීස පත්‍රිකාවලින් දෙවැනි එළිසබෙත් රැජිණ, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හා සමීපතයන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ සමීපතයන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඥාති පුත්‍රයකු ඇතුළු ලෝක නායකයන් හා දේශපාලනඥයන් 120 දෙනකුට වැඩි පිරිසකගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා ලැදියාවන් අදාළ ලිපිගොනුවලින් අනාවරණය වී තිබේ.
ඒ.එෆ්.පී ඇසුරිණි
හර්ෂණ තුෂාර