මෝදිට ‘හොරා’ කියලා
‘ට්විටර්’ සමාජ ජාලය ඔස්සේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස කළේ යැයි එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ යොවුන් නායිකා දිව්‍යා ස්පන්දනාට එරෙහිව නඩු පවරා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
36 හැවිරිදි දිව්‍යා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළියකි. සුරූපිනියක ද වන ඇය දේශපාලනයට පිවිස සිටින්නේ කොංග්රස් පක්ෂයෙන් ලැබුණු ආරාධනාවකට අනුවය.
ට්විටර් පණිවුඩය හරහා දිව්‍යා ඉන්දීය අගමැතිට චෝදනා කර ඇත්තේ ‘හොරා’ යැයි පවසමිනි. අපහාස චෝදනා ඉදිරිපත් කරමින් දිව්‍යාට එරෙහිව නඩු පැවැරීම සිදුවූයේ පසුගිය 25 වැනිදාය.
ඊයේ (26) දිව්‍යා ස්පන්දනා යළිත් වරක් ට්විටර් පණිවුඩයක් ප්‍රසිද්ධ කරමින් පවසා සිටියේ ඉන්දීය අධිකරණය පවා ඉතා පහත් තත්ත්වයකට පත් වී ඇති බවය.
(එන්.ඩී.ටීවී.)