මෙලානියා-බැරන් ධවල මන්දිරයේ පදිංචියට



ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සහ පුතු බැරන් ජනපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ පදිංචියට පැමිණියාහ.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දී ධවල මන්දිරය නිවහන කර ගත්තේ පසුගිය ජනවාරියේය.

මෙලානියා සහ 11 හැවිරිදි පුතු බැරන් දිගටම නිව්යෝක් නුවර ‘ට්‍රම්ප් කුලුන’ යන නමින් හැඳින්වෙන ට්‍රම්න්ගේ ව්‍යාපාර කාර්යාල ද පිහිටුවා ඇති ගොඩනගැගිල්ලෙන් ඉහළ මහලේ නවාතැනේ පදිංචි වී සිටියාහ. ට්‍රම්ප්ගේ නිවහන වන්නේ ද මෙම නවාතැනය.

පුතු බැරන්ගේ අධ්‍යාපන කටයුතු නිමා වනතුරු වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ පදිංචියට පැමිණීමට නොහැකි බව මෙලානියා දන්වා තිබුණි.‍

කෙසේ නමුත් 2017 සහ 2018 අධ්‍යාපන වර්ෂය සඳහා බැරන් වොෂින්ටන් නුවර ශාන්ත ඇන්ඩෲස් ඉපිසොපාල් පාසලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේදී විදෙස් රාජ්‍ය නායකයන් ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට ආ සෑම අවස්ථාවකදීම මෙලානියා ඔවුන් පිළිගැනීමට නිව්යෝක් නුවර සිට වොෂින්ටනය බලා පැමිණියාය.

(රොයිටර්)


RECOMMEND POSTS