මුස්ලිම් පිහිනුම් ශූරියන්ගේ බුර්කා තහනම ඉවතට
මුස්ලිම් පිහිනුම් ශූරියන් මුළු සිරුරම ආවරණය වන අයුරින් ‘බුර්කා’ පැළඳ පිහිනුම් තරගවලට සහභාගීවීම වළක්වමින්, පනවා තිබූ නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය ක්‍රීඩා බලධාරීන් මෙසේ තීරණය කළේ එරට ආධුනික පිහිනුම්කරුවන්ගේ සංගමය සහ මුස්ලිම් කාන්තා පිහිනුම් ශූරියන්ගේ සංගමය එක් වී කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
ඒ අනුව ඉදිරියේ දී එක්සත් රාජධානියේ පැවැත්වෙන ආධුනික පිහිනුම් ශූරතා තරගාවලි සඳහා මුස්ලිම් පිහිනුම් ක්‍රීඩිකාවන්ට බුර්කා පැළඳ සහභාගී විය හැකිය.
ප්‍රධාන පෙළේ තරගවලදී විනිසුරුවරුන් සහ එම තරග සංවිධායකයන්ගේ තීරණය අනුව එම නීතිය ක්‍රියාත්මක කෙරෙණු ඇතැයි ද ක්‍රීඩා බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
බුර්කා මගින් එම ක්‍රීඩිකාවට තරග ජය ගැනීමට විශේෂ ‘වාසියක්’ හිමි වන්නේ නම්, එවැනි අවස්ථාවලදී ඒ ගැන සොයා බලා බර්කා තහනම් කිරීමට පිහිනුම් තරගාවලියේ විනිසුරුවරුන්ට ඉඩ ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය ක්‍රීඩා බලධාරීහු පැහැදිලි කරති.
(රොයිටර්)