මුගාබේ සිංගප්පූරුවේ රෝහලක
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ සිංගප්පූරු රෝහලකට ඇතුළත් කෙරුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 93 හැවිරිදි වියෙහි පසුවන හිටපු ජනපතිවරයා රෝහල් කෙරුණේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යැයි ද පැවැසෙයි.
හමුදාව මැදිහත් වී, රටේ බලය අල්ලා ගැනීමෙන් පසු, සිය ‘සානු දේශප්‍රේමී පෙරමුණ’ පක්ෂයේ බලපෑම මැද ජනපති ධුරයට සමුදුන් මුගාබේ, ඉන්පසු විදෙස් සංචාරයක වෙදෙන පළමු අවස්ථාව මෙයයි. මුගාබේ සිංගප්පූරුව බලා පැමිණියේ සිම්බාබ්වේ රජයේ ගුවන් යානයකිනි.
රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් වූයේ 37 වසරක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කිරීමෙන් පසුවය. මුගාබේ ධුරයෙන් ඉවත් වූයේ, ‘සානු දේශප්‍රේමී පෙරමුණ’ සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුවය.
එල්ල වී ඇති දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මුගාබේට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීමට පාලක ‘සානු දේශප්‍රේමී පෙරමුණ’ සහ නව ජනපති එමර්සන් සිදුවිය. ධුරයෙන් ඉවත් වුණු මුගාබේට සියලුම පහසුකම් සහ ආරක්ෂාව ලබා දීමට ද සිම්බාවේ නව රජය කටයුතු කරයි.
සිංගප්පූරුවෙන් පසු, හිටපු ජනාධිපති මුගාබේ මැලේසියාවේ සංචාරයක නියැලෙයි. මුගාබේගේ දියණිය සිටින්නේ මැලේසියාවේය. ඇය දරු ප්‍රසූතියකට සූදානමින් සිටී.
(ඒ.එෆ්.පී.)