මුගාබේ පන්නන්න උදවු කළ හමුදාපතිට උප ජනපති ධුරය



සිම්බාබ්වේ ජනපති ධුරය හෙබවූ රොබට් මුගාබේ එම ධුරයෙන් ඉවත් කිරීමට සහාය පළ කළ හමුදාපති ජනරාල් කොන්ස්ටන්ටීනෝ චිචෙන්ගාට සිම්බාබ්වේ උප ජනාධිපති ධුරය පිරිනැමීමට නව ජනපති එමර්සන් මුනගැග්වා සහ පාලක ‘සානු දේශප්‍රේමී පෙරමුණ’ කටයුතු කළේය.

61 හැවිරිදි වියෙහි පසුවන කොන්ස්ටන්ටීනෝ චිචෙන්ගා හමුදාපති ධුරයෙන් ඉවත් වී, උප ජනපති ධුරයේ දිවුරුම් දුන්නේ සිම්බාබ්වේ අගවිනිසුරු ඉදිරියේය.

සිම්බාබ්වේ රාජ්‍යයේ උප ජනපති ධුර දෙකකි. දෙවැනි උප ජනපති ලෙස දිවුරුම් දුන්නේ කෙම්බෝ මොහාදීය. කෙම්බෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි. එපමණක් නොව, ඔහු මුගාබේගේ රජයේ ආරක්ෂක ඇමැති ධුරය ද හෙබවූ අයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS