මිලියන 400 ක මත්ද්‍රව්‍ය මුහුදෙන්



ගල්ෆ් කලාපයට අයත් ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබු නෞකාවක ටොන් අටකට ආසන්න හෂිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සඟවා රැගෙන යද්දී අල්ලා ගැනීමට රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අල්ලාගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වන බව වාර්තා වේ.

මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා කණ්ඩායමට ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබු නෞකාවක් සම්බන්ධයෙන් සැක සිතී පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වී ඇත.

2017 නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් සීමාවේදි හෂීස් ටොන් 19.5ක්සහ හෙරෝයින් ටොන් 1.5ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මුළුවටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.43ක් වු බව වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS