මැලේසියා අගමැති මහ සමුළුව අමතයි



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් මැලේසියා අගමැති මහතීර් මොහොමද්, මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර රජයට දොස් නැගීය.

මියන්මාර රජයේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමුඅමුවේ ඝාතනය වෙනවා යැයි මැලේසියා අගමැතිවරයා චෝදනා කළේය.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ආරක්ෂා කිරීම මියන්මාර රජය විසින් පැහැර හරිනු ලැබ ඇති බව ද මැලේසියා අගමැති මහතීර් මොහොමද් පෙන්වා දුන්නේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS