මාස හයකට පසු ලෝක බලවතුන් හමුව
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින් අතර මුහුණට මුහුණලා හමුවක් ලබන ජූලි 7 සහ 8 දෙදින ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය.
මෙලෙස ජනපතිවරැන් දෙදනා අතර හමුවක් සිදුවන බවට ධවල මන්දරය සහ ක්රෙම්ලිනය විසින් ඉකුත් 29 වැනිදා නිල නිවේදන මඟින් දැන්ටමත් ප්රකාශ කර ඇත.මෙම හමුව සිදුවන්නේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැකත්වෙන් ජී 20 කණ්ඩායමට අයත් රටවල නායකයින් ගේ වාර්ෂික සමුළුවට සමගාමීවය.
ඩොනල්ඩ් ට්රම්ප් අමෙරිකා ජනාධිපති ධූරයට පත්ව මාස හයක් වන අතර එම කාලය තුළ රුසියා ජනාධිපතිවරයා හමුවන ප්රථම අවස්ථාව මෙය වේ.මෙය සුවිශේෂි හමුවක් නොවන බව ධවල මන්දිරය ප්රකාශ කර සිටී.
ට්රම්ප්ට ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් වීම සඳහා රුසියා ජනපති පුටින් උදව් කළ බව ට්රම්ප් පරිපාලනය වෙතට එල්ල වන ප්රධාන චෝදනාවකි.නමුත් ඔවුන් එය බැහැර කර සිටිති.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.