මාධ්‍යවේදියා මරා දැමේ
ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රජය නිරන්තරයෙන් විවේචනය කරන, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන, රුසියානු මාධ්‍යවේදී අර්කාදී බැබ්චෙන්කෝ ඝාතනය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.
වෙඩි තබා අර්කාදී බැබ්චෙන්කෝ ඝාතනය කර ඇත්තේ යුක්රේනයේ කීව් අගනුවරදී යැයි ද පැවැසෙයි. සිය නවාතැන ඉදිරිපිටදී අර්කාදී බැබ්චෙන්කෝ වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇත. රෝහල් ගත කරද්දී, 41 හැවිරිදි අර්කාදී බැබ්චෙන්කෝ මියගොස් සිටියේ යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
(රොයිටර්)