බෙනාසීර් ඝාතනය අධීක්ෂණය කළේ බින් ලාඩන්



පාකිස්තානයේ හිටපු නායිකා බෙනාසීර් බූතෝ ඝාතනය සිදුවී ඇත්තේ අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ අධීක්ෂණය යටතේ යැයි පාකිස්තාන බුද්ධි අංශ අනාවරණය කරයි.

බෙනාසීර් බූතෝ ඝාතනය වූයේ 2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවුල්පිණ්ඩි නුවර පැවැති ජන රැළියකදීය. රැළියට එල්ල වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි.

බෙනාසීර් බූතෝගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම විස්තර වාර්තා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට පාකිස්තාන බුද්ධි අංශ කටයුතු කළේ එම ඝාතනය සිදුවී වසර 10 ක් ගත වෙද්දීය.

අල් කයිඩා නායක බින් ලාඩන් එම අවස්ථාවේදී, ඇෆ්ගනිස්තානයට මාරු වී සිටි බවත්, එහි සිට ඔහු බූතෝගේ ඝාතනය අධීක්ෂණය කළ බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ බින් ලාඩන්ගේ පණිවුඩකරුවන්ගේ ආධාරයෙනි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS