පූර්ණ කාලීනව ධවල මන්දිරයේ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සිය විලාසිතා සහ ඇඳුම් නිර්මාණ කටයුතු සියල්ල නවතා, පූර්ණ කාලීනව අැගේ සේවය ධවල මන්දිරයට ලබා දෙන බව පවසා ඇත.
අැමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු බලා ගන්නා ඉවන්කා, ඇගේම කියා ඇඳුම් නිර්මාණ සහ විලාසිතා එළිදැක්වීමේ සමාගමක් ද පවත්වාගෙන යයි.
එපමණක් නොව ඇය මෙන්ම ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද ජනපති ට්‍රම්ප්ගේ උපදේශකවරැන් ලෙස කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඔවුන් වැටුපක් ලබා ගන්නේ ද නැත.
(රොයිටර්)