පුරවැසිභාවය අහෝසියි
මියන්මාරයේ රොහින්ග්‍යා සුළු ජාතිකයන්ට එරෙහිව කෙණෙහිලිකම් සහ අපරාධ සිදුවෙද්දී, මියන්මාර නායිකා අවුන් සාන් සූ කී නිහඬව සිටිනවා යැයි චෝදනා කරමින්, ඇයට පිරිනැමූ ගෞරවණීය පුරවැසිභාවය ඉවත් කරන බව කැනඩාව පවසා ඇත.
කැනඩා රජය, අවුන් සාන් සූ කීට එම ගෞරව සම්මානය පිරිනැමීම කළේ මියන්මාරයේ (අතීතයේ බුරුමය) ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙනි.
කෙසේ නමුත් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණය සැලකිල්ලට ගනිමින් එම පුරවැසිභාවය අහෝසි කිරීමට කැනඩා රජය තීරණය කළේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමකින් ද පසුවය.
අවුන් සාන් සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා සිටී. ඒ, 1991 වසරේදීය. එදා නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනැමුණේ ද මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට ගත් උත්සාහය වෙනුවෙනි. ඒ වනවිට මියන්මාරයේ පැවැතියේ හමුදා රජයකි. රොහින්ග්‍යා අර්බුදය මුල්කොට ගනිමින්, අවුන් සාන් සූ කීට ලබා දුන් එම නොබෙල් ත්‍යාගය අහෝසි කිරීමට ද කථිකාවතක් නිර්මාණය වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(ඒ.එෆ්.පී.)