පුටින් ට්‍රම්ප්ට සුබ පතයි
නව වසර උදා වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමැතුමක් දී සුබ පැතීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
2018 නව වසර වෙනුවෙන් ට්‍රම්ප්ට සුබ පැතූ පළමු රාජ්‍ය නායකයා පුටින් යැයි ද පැවැසෙයි. දෙදෙනා අතර සුහද කථාබහක් පැවැති අතර ට්‍රම්ප් ද පුටින් ට සුබ පැතුවේය. රුසියානු ජනාධිපතිවරණය මෙම 2018 වසරේ පැවැත්වෙයි. පුටින් ඊට ඉදිරිපත් වන අතර විශිෂ්ට ජනවරමක් හිමිකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.
ඇමෙරිකා ජනපතිවරයා අමතමින් පුටින් පෙන්වා දුන්නේ ඇමෙරිකාව සහ රුසියාව අතර යහපත් සබඳතා පැවැතීම දෙරටටම වාසිදායක බවය. තමන් එය අනුමත කරන බව ජනපති ට්‍රම්ප් පිළිතුරු දී තිබේ. ලෝකයේ ස්ථාවරභාවය වෙනුවෙන් ඇමෙරිකා රුසියා සබඳතා ශක්තිමත්ව පැවැතිය යුතු බව රාජ්‍ය නායකයන් දෙදෙනාගේම අදහස වූ බව ද පැවැසෙයි.
රුසියාව සමඟත් රුසියානු ජනපති පුටින් සමඟත් සමීප සබඳතා පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටී. පසුගිය වසරේ අවස්ථා තුනකදී නායකයෝ දෙදෙනා එකිනෙකා හමුවූහ. පුටින් ශ්‍රේෂ්ඨ නායකයකු යැයි ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් කෙරෙහි පුටින්ගේ ද ලොකු පැහැදීමක් පවතී. කෙසේ නමුත් සිරියානු අර්බුදය සහ යුක්රේන අර්බුදයේ දී ඇමෙරිකාව සහ රුසියාව දෙපැත්තට බෙදී සිටී. එපමණක් නොව, ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ රුසියානු ජනපති පුටින් සහ රුසියානු පරිගණක දත්ත සොරුගේ උදවුවෙන් බවට චෝදනා එල්ල වී ඇත. රුසියානු ජනපතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ට්‍රම්ප්ට ජයග්‍රහණය හිමිවුණු ජනපතිවරණයට රුසියාවෙන් බලපෑමක් එල්ල වුණු බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවා පෙන්වා දී තිබේ. එය ට්‍රම්ප් සහ පුටින්ගේ මිතුදම්වලට බාධාවක් එල්ල වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)