පාප්තුමා ආපසු වතිකානයට
පේරු රාජ්‍යයේ ලීමා නුවර දේව මෙහෙය අවසන් කිරීමෙන් පසු ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ යළි වතිකානය බලා පිටත්ව ගියහ.
දේවමෙහෙය පැවැත්වූයේ ලීමා නුවර ලාස් පල්මාස් ගුවන් හමුදා කඳවුරේය. මිලියන ගණනක් කිතුනු බැතිමත්හු පමණක් නොව පේරු බිෂොප්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ. පේරු ජනාධිපති පාබ්ලෝ කුසින්ස්කී ද දේව මෙහෙයට පැමිණ සිටියේ යැයි වාර්තා වේ.
පාප්තුමා මෙම ලතින් ඇමෙරිකා සංචාරය ආරම්භ කළේ චිලී රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කරමිනි. එතුමන් පේරු බලා පැමිණියේ චිලී රාජ්‍යයේ දින කිහිපයක් ගත කරමිනි.
චිලී රජ්යෙයේ පාදිලිවරුන් අතින් සිදුවන ළමා අපචාර සම්බන්ධයෙන් පමණක් නොව, පේරු රාජ්‍යයේ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද පාප්තුමෝ අදාල බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
(ඒ.එෆ්.පී.)