ප්‍රංශ ජනපති මැක්රොන් මර්ජුවානා උරලා



ප්‍රංශයට අයත් ප්‍රංශ ගියානාහි සංචාරයක් අතරතුරේ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මර්ජුවානා (කංසා වැනි) ඉරීමට අමතක නොකළ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රංශ ගියානාව යනු දකුණු ඇමෙරිකාවේ එක් කෙළවරක පිහිටා ඇති ප්‍රංශයට අයත් පාලන ප්‍රදේශයකි. ප්‍රංශ ගියානාව බ්‍රසීලයට මායිම්ව පිහිටයි. ජනගහනය ලක්ෂ 3 ක් පමණ වන අතර නිල භාෂාව වන්නේ ද ප්‍රංශය.

ජනාධිපති මැක්රොන් ප්‍රංශ ගියානාවට පැමිණියේ පසුගිය සිකුරාදා දිනයේය. ඔහු කෙයින් අගනුවර සංචාරයක නියැලුණු අතර, නගර වැසියන් පිරිසක් හමුවුණු අවස්ථාවේදී මර්ජුවානා ඉරීමට අමතක නොකළේය. ‘හරිම සැරයි. පුදුමයි මගේ නහය තාම තියෙනවා’ යැයි මැක්රොන් පසුව පැවැසීය. ජනාධිපති මැක්රොන්, ප්‍රංශ ගියානාවේ සංචාරය කළේ පැය 48 ක් සඳහා පමණි.

ප්‍රංශ ගියානාවේ විරැකියාව ඉහළ ගොස් ඇති අතර, ජනපති මැක්රොන්ගේ සංචාරයට පෙර සිට ගියානා වැසියන්ගෙන් ඊට විරෝධයක් ද එල්ල විය. ජනපතිවරයා ගියානාවට පැමිණියේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS