නොබෙල් තෑග්ග කාන්තාවකට



වසර 55 කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිවිය.

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ කැනඩා ජාතික විද්‍යාඥවරියක වන ඩෝනා ස්ටික්ලන්ඞ්ටය. භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවුණු තෙවැනි කාන්තාව වන්නේ ද මැයයි.

මීට පෙර නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ මාරී කියුරි සහ මරියා ගෝපර්ට් මේයර්ය. මාරි කියුරි ට නොබෙල් ත්‍යාගය හිමිවූයේ 1903 දී වන අතර මරියා ගෝපර්ට් මේයර් ට නොබෙල් ත්‍යාගය හිමිවූටේ 1963 වසරේදීය.

මෙවර 2018 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යයි. ආචාර්ය ඩෝනා ස්ටික්ලන්ඞ්ට ඉන් එක් අයකු පමණි. අනෙක් දෙදෙනා ඇමෙරිකා විද්‍යාඥ ආතර් ඈෂ්කිං සහ ප‍්‍රංශ විද්‍යාඥ ජෙරාද් මොව්රෝ ය.

මෙවර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය මොවුන්ට හිමිවන්නේ පිළිකා මර්දනයට මෙන්ම අක්ෂි සැත්කම් සඳහා ද යොදා ගන්නා නව ලේසර් තාක්ෂණයක් හඳුන්වාදීම ඇගැයීමට ලක් කරමිණි.

මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව දැනගැනීමත් සමඟ ආචාර්ය ඩෝනා ස්ටික්ලන්ඞ් අතිශය සතුටට පත්වූ බව වාර්තා වේ. ‘ඇත්තටම මට හරිම සතුටුයි. ඒ වතේමයි මම පුදුම වෙනවා. වසර 55 කට පසු කාන්තාවකට භෞතික විද්‍යාව වෙනුවෙන් කාන්තාවකට නොබෙල් තෑග්ග හිමිවන්න වසර 55 ක් ගත වුණා. ඒක පුදුමයට කරුණක් තමයි’ යැයි ආචාර්ය ඩෝනා ස්ටික්ලන්ඞ් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS