නේටෝ හමුදා ලොක්කා රුසියන් හමුදා ලොක්කට හලෝ කියයි



නේටෝ හමුදා අංශ ප්‍රධානී ජනරාල් පීට්‍ර පවෙල් සහ ආරක්ෂක අංශ නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් වැලෙරි ගෙරසිමෝව් අතර දුරකතන සන්වාදයක් පැවැත්වුණු බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව සහ රුසියාව අතර අර්බුදයක් පවතී. ඒ, රුසියාව යුක්රේනයට අයත් ක්‍රිමියාව බලෙන් අත්පත් කර ගැනීම හේතුවෙනි.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජය යුක්රේනයට අයත් ක්‍රෙමියාව බලෙන් රුසියාවේ කොටසක් බවට පත් කර ගැනීමෙන් පසු රුසියානු හමුදා ප්‍රධානියෙකු සහ නේටෝ හමුදා ප්‍රධානියා අතර සාකච්ඡාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක්ව පැවැති රාජ්‍යකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS