නිර්මාණ ශිල්පිණිය අවුරුදු 18 ක් හිරේ



මුස්ලිම් කතුත් වෙනුවෙන් ‘ඉස්ලාමීය විලාසිතා’ හඳුන්වා දෙමින්, ජාත්‍යන්තරයේ අවදානයට ලක්වුණු ඉන්දුනීසියා විලාසිතා ශිල්පිණිය ඇනියේසා හසිබෝන් මුදල් වංචා සිදුවීම් රැසකට චෝදනා ලැබ වරදකාරිය වී සිටී.

එම චෝදනා සම්බන්ධයෙන් ඇනියේසා හසිබෝන්ට වසර 18 ක සිරදඬුවමක් නියම කර ඇතැයි ද වාර්තා වේ.

ඇනියේසා හසිබෝන් සහ ඇගේ සැමියා ඇන්ඩිකා සුරච්මාන් ‘ෆර්ස්ට් ට්‍රැවල්’ යන නමින් සංචාරක ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇත.

දෙදෙනා මක්කම වන්දනාව සඳහා වන්දනාකරුවන්ගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 60 කට වැඩි මුදලක් ලබා ගෙන, එම වන්දනාකරුවන් මුලා කර ඇත.

ඇනියේසා හසිබෝන් පමණක් නොව, ඇගේ සැමියා ද වරදකරුවූයේ මෙම චෝදනා සම්බන්ධයෙනි.
ඇනියේසා හසිබෝන් ලොව ප්‍රධාන නගර රැසක විලාසිතා ප්‍රදර්ශන පවත්වා ඇත. ඒ අතරින් නිව්යෝක් නුවර පැවැත්වූ විලාසිතා ප්‍රදර්ශන කැපී පෙනෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS