දේශපාලනයේ ‘හිඩැස’ පුරවනවා



තමිල්නාඩු දේශපාලනයේ ‘හිඩැසක්’ ඇති බවත්, තමන් දේශපාලනයට පිවිසියේ එම ‘හිඩැස’ පිරවීමට බවත්, සුපිරි දෙමළ නළු රජිනිකාන්ත් කියයි.

67 හැවිරිදි රජිනිකාන්ත් මේ බව කියා සිටියේ චෙන්නායි නුවර පෞද්ලික විශ්ව විද්‍යාලයක සිය මංගල දේශපාලන කථාව පවත්වමිණි. එම අවස්ථාවට පන්දහසකට වැඩි පිරිසක් පැමිණ සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

‘ජයලලිතා සහ කරුණානාධි තමිල්නාඩු දේශපාලනයේ ශක්තිමත් නායකයෝ. අද ඔවුන් දේශපාලනයේ නැහැ. ජයලලිතා සමුගත්තා. කරුණානිධිගේ සෞඛ්‍යය දුර්වලයි. මොවුන් සිටිද්දී දේශපාලනයේ අඩුවක් දකින්න ලැබුණේ නැහැ. දැන් අඩුවක් තිබෙනවා. තමිල්නාඩුවට නායකත්වය දෙන්නයි මම දේශපාලනයට අවතීර්ණ වුණේ.’ යැයි සිය මංගල දේශපාලන කතාවේදී රජිනිකාන්ත් වැඩිදුරටත් පැහැදිලි කළේය.

රජිනිකාන්ත් සේම අසහාය දෙමළ නළුවකු ද වූ තමිල්නාඩු හිටපු මහ ඇමැති එම්.ජී.ආර්. (එම්.ජී. රාමචන්ද්‍රන්) කළාක් මෙන්, තමිල්නාඩුවේ යහපාලනය ස්ථාපිත කිරීම තම අරමුණ බව ද රජිනිකාන්ත් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS