දේශපාලන සිරකරුවන්ට නිදහස
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක ඊබ්රහිම් මොහොමෙද් සෝලි ජයගැනීමෙන් පසු එරට අධිකරණයක් දේශපාලන සිරකරුවන් පස් දෙනකු නිදහස් කර තවත් පිරිසකගේ අභියාචනා සැලකිල්ලට ගෙන තිබේ.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අභියාචනයද එහිදි සැලකිල්ලට ගෙන තිබේ.
ඉරිදා (23) පැවැති ජනාධිපතිවරණ ඡුන්ද විමසීමෙන් ඊබ්රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් අනපේක්ෂිත ජයක් ලැබීය. සඳුඳා (24) ජනාධිපතිවරණ ප්රතිඵල නිකුත් වීමත් සමඟ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඊබ්රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති අබ්දුල්ලා යමීන් අමතමින් පවසා ඇත.
අබ්දුල්ලා යමීන් තම පස් වසරක ධුර කාලයේදී තමන්ගේ දේශපාලන ප්රතිවාදීන් රැුසක් සිරගත කළ අතර ඇතැම් පිරිස් රටින් පිටුවහල් කළේය.
හර්ෂණ තුෂාර සිල්වා
(ඒ.එෆ්.පී.)