තූත්තුකුඩියේ විරෝධතා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි වරාය නගරය කේන්ද්‍රකොට පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙමින් පවතින අතර, කැරැලි මර්දන පොලිසිය සමඟ ගැටුණු විරෝධතාකරුවෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තූත්තුකුඩි වැසියන් මෙසේ විරෝධතාවක නියැළෙන්නේ, තඹ කම්හලකින් විස පරිසරයට මුදා හැරෙන බවත්, එය තමන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවත් පෙන්වා දෙමිනි. විරෝධතාවට එක්වුණු පිරිස 5,000 කට වැඩි යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)