තායි ජනපතිනිය ඇමෙරිකාවට: චීනයෙන් කනස්සල්ලෙන්
තායිපේහිදීය (රොයිටර්)
තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් ජනවාරි මාසයේ දී ලතින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වන අතරතුර ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එම ප්‍රකාශයත් සමඟ එවැන්නකට ඉඩ නොදෙන්නැයි චීනය ඇමෙරිකාවට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන කොමියුනිස්ට් පාලනය තායිවානය බීජිං නුවර අගනුවර කරගත් චීනයේ පළාතක් ලෙස සලකන අතර තායිවානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීමට සඳහා සුදුසු නැතැයි ද පවසයි. එසේ වුවද තමන් ස්වාධීන රාජ්‍යයක් යැයි තායිවානය ප්‍රකාශ කරයි.
මෙම සතිය අවසාන වීමට පෙර ලතින් ඇමෙරිකා හා ඇමෙරිකා එක්සත් ජනපද සංචාරයේ දින වකවානු ප්‍රකාශයට පත්කරන බව ද තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
තායි ජනපතිනියගේ අරමුණු පැහැදිලි යැයි ද ඊට ඉඩ නොදෙන්නැයි ද චීනය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.
“ඇමෙරිකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය අනුගමනය කරයි කියා අපි විශ්වාස කරනවා. තායි ජනපතිනියට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදිය යුතුයි. ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා ශක්තිමත් හා සාමකාමී විය යුතුයි” යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා හු චුන්ග්යින්ග් කීවාය.
ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනය අමතක කර එරට එදිරිවාදියකු වන තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට සූදානමින් වෙයි. ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකා සමාගම්වලට රැකියා අවස්ථා අහිමි කළේ චීනය යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් නිරන්තරයෙන් චීනයට චෝදනා කරයි.
චීනය ලෝකයේ ආර්ථික බලවතකු ලෙස හඳුනා ගනිමින්, ඇමෙරිකාව 1979 වසරේදී තායිවානය සමඟ පැවැති ගිවිසුම් හා සබඳතා සියල්ල නිල වශයෙන් අත්හිටුවීය. ගෙවුණු 38 වසරක කාලයේදී ඇමෙරිකන් ජනාධිපතිවරයකු සහ තායිවාන ජනාධිපතිවරයකු කිසිදු අවස්ථාවකදී සෘජු දුරකතන සාකච්ඡාවක් හෝ පවත්වා නැත.
ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු, අවලංගු කළ එම ගිවිසුම් යළි බල ගැන්වීමට සූදානමින් සිටියි. මේ බව දැනුම් දෙමින්, ට්‍රම්ප් දෙසැම්බර් (3) වැනිදා ට්‍රම්ප් තායිවාන අගමැතිනි ත්සායි ඉන් වෙන්ග්ට දුරකතන ඇමතුමක් ද දුන්නේය. දෙරට අතර ආර්ථික, ආරක්ෂක, දේශපාලන සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරුණු බව ද පැවැසිණි.
ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ඇමෙරිකාව මෙසේ තායිවානය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. චීනය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටින අතර නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් සිය මත සහ අදහස් ප්‍රකාශ කරයි.