ත්‍රස්ත බියෙන් අල්ලාහ් ලාස් අවලංගුයි



ත්‍රස්ත අවධානමක් හේතුවෙන් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අවලංගු කර තිබේ.

එරට පොලීසිය විසින් සන්දර්ශනය පැවැත්වෙන ස්ථානය ආසන්නයේ තිබී ගෑස් බෝතල් කිහිපයක් සහිත වෑන් රථයක් සොයාගැනීම මීට හේතු වී ඇති බව වාර්තාවේ.අදාළ වෑන් රථය ස්පාඤ්ඤයේ ලියාපදිංචි වූවක් වන අතර ඒ ආසන්නයේ සිටි ස්පාඤ්ඤ ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්පාඤ්ඤයේ බාසිලෝනාහිදී පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ පිළිබඳව වඩාත් අවධානය යොමුවීමට හේතු වූ බව නෙදර්ලන්ත ආරක්ෂක අංශ පවසා තිබේ.

ඇමරිකානු රෝක් සංගීත කණ්ඩායමක් රොටර්ඩෑම් හීදී අදාළ සන්දර්ශනය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබු අතර එම සංගීත කණ්ඩායමේ නාමය වන “අල්ලාහ් - ලාස් “ සම්බන්ධයෙන්ද සැක මතුවී තිබේ. කෙසේවෙතත් අදාළ වෑන් රථය ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් කර තිබූවක් බවට මේ වන තෙක් තහවුරු වී නොමැති වාර්තාවේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS