ඩයිනසෝර පොසිලයක් ඉන්දියාවේ



‘ඉතියෝසෝරස්’ යනුවෙන් හැඳින්වෙන සාගරයේ විසූ ඩයිනසෝරයකුගේ පොසිල අස්ථි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් සොයා ගැනීමට හැකිවුණු බව ඩයිනසෝරයන් ගැන සොයන පොසිල විද්‍යාඥයෝ කියති.

ඉන්දියාවෙන් මීට පෙර ඩයිනසෝර පොසිල අස්ථි හමුවී ඇති නමුත් දැවැන්ත මත්ස්‍යයෙකු වැනි ඉතියෝසෝරස් ඩයිනසෝරයකුගේ අස්ථි හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

පොසිලය හමුවී ඇත්තේ ගුජරාඨයේ කුච් යන නමින් හැඳින්වෙන කාන්තාර පළාතේ කළ කැණීම්වලදීය. විද්‍යාඥයන් පවසන්නේ, වසර මිලියන ගණනක් අතීතයේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තය මුහුදෙන් යටවී තිබෙන් ඇති බවය.

හමුවුණු ඉතියෝසෝරස් පොසිලය මෙසෝසොයික අවදියට අයත් වන්න ඇතැයි ද පැවැසෙයි.

මෙසෝසොයික අවදිය පැවැතියේ අවුරුදු මිලියන 252 ත් 66 ත් අතර කාලයේය. මීටර් 5.5 ක් දිග මෙම ඉතියෝසෝරස් සත්වයාගේ පොසිලය ඉතා හොඳින් සුරැකිය තිබෙන බව ද විද්‍යාඥයෝ පවසති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS