ට්රම්ප්ට එරෙහිව පාකිස්තාන වැසියෝ වීදි බසිති
ට්රම්ප් පරිපාලනයට එරෙහිව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් වුණු අතර දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.
පාකිස්තාන දේශපාලන පක්ෂ ක්රියාකාරීන්, විශ්ව විද්යාල සිසුන්, ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනෙකු ඉස්ලාමාබාද් අගනුවර පැවැත් වුණු විරෝධතා රැලියට සහභාගී වුණැයි වාර්තා වේ.
ත්රස්තවාදයට එරෙහිව උදාසීනව කටයුතු කරන බවටත් ත්රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් ජනපති ට්රම්ප් පාකිස්තානයට චෝදනා කර තිබේ. පාකිස්තානයට ලබා දෙන මුදල් ආධාර නැවැත්වීමට ද ට්රම්ප් පරිපාලනය පසුගිය දා තීරණය කළේය.
ඇමෙරිකාව පාකිස්තානයට මෙසේ මුදල් ආධාර දීම සිදු කළේ ත්රස්තවාදයට එරෙහි සටනට සහාය පළ කිරීමක් වශයෙනි. කෙසේ නමුත් ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පෙන්වා දී ඇත්තේ, පාකිස්තන රජය ඉස්ලාමීය අන්තවාදීන්ට අනුග්රහය දක්වන බවටය.
පාකිස්තාන බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් සහකාර රාජ්ය ලේකම් ඇවිල් වෙල්ස් අද (28) දින ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමට නියමිතව සිටි නමුත්, විරෝධතා හේතුවෙන් එම සංචාරය පසුවට කල් දැමුණු බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)