ට්‍රම්ප්ගේ චෝදනා ඔබාමා ප්‍රතික්ෂේප කරයි
ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමාට එරෙහිව එල්ල කරන චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරනවා යැයි ධුරයෙන් සමුගත් ජනපති බැරැක් ඔබාමා කියයි.
ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී පසුගිය ජනපතිවරණ සමයේ තම දුරකතන සන්වාදවලට හොරෙන් ඇහුම් කන් දුන් බවට ට්‍රම්ප් චෝදනා කර තිබේ.
ඔබාමා මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප්ගේ දුරකතන සන්වාදවලට හොරෙන් කන් දීමට තම පරිපාලනයට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැතැයි ඔබාමා පවසා ඇත.
මීට අමතරව ට්‍රම්ප් චෝදනා කරන්නේ තමාට එරෙහිව ඇමෙරිකානුවන් උසි ගන්වන්නේ ඔබාමා කියාය.
ජනපති ටුම්ප් මේ අයුරින් හිටපු ජනාධිපති ඔබාමාට පදනම් විරහිත අයුරින් චෝදනා කිරීම ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)