ට්රම්ප්ගෙන් චීන ජනපතිට පැසැසුම්
ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම ඉඩකඩ සළසා දීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.
ජනපති ට්රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකාවේ ද ජනපතිවරයාට ද දිගටම බලයේ රැඳී සිටීමට ඉඩකඩ සළසා දිය යුතුයි කියාය. ට්රම්ප්ගේ මෙම ප්රකාශය බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇති බව ද වාර්තා වේ.
සීමාවක් නොමැතිව බලයේ රැඳි සිටීමට මේ අනුව චීන ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දශක ගණනක් පැවැති නීතිරීති වෙනස් කළේ පසුගිය 25 වැනිදාය.
මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේතුංගේ සමයේ පැවැති ආගමික, වන්දනීය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව චීන පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)