ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්



උතුරු කොරියාවට බලපෑම් කිරීමට චීනය සමඟ සාකච්ඡා කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ට පවසා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා අවසන්වරට පිලිපීන ජනාධිපතිවරයා අමතමින් මෙසේ පවසා ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. ඒ බව අනාවරණය කර ඇත්තේ ‘ඉන්ටර්සෙප්ට්’ පුවත් සේවයයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් බලපෑම් එල්ල කිරීමට ජනපති ට්‍රම්ප් උත්සාහ ගනී. ඒ සඳහා කලාපීය රටවල සහාය ද ට්‍රම්ප් අපේක්ෂා කරයි.

උතුරු කොරියාව ‘මෙල්ල කිරීම’ තමන්ට පමණක් තනිවම කළ හැකි දෙයක් නොවන බව චීනය පවසා ඇත. උතුරු කොරියාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා පවත්වන්නැයි ට්‍රම්ප් දිගින් දිගටම පිලිපීන ජනපතිවරයාට පවසන්නේ එහෙයිනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS