ට්‍රම්ප් මෝදි හමුවෙලා
පිලිපීනයේ මැනිලා අගනුවර පැවැත්වෙන ආසියාන් හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.
මෙය ට්‍රම්ප් සහ මෝදි අතර පැවැති පළමු හමුවය. ට්‍රම්ප් සහ මෝදි ද්වී පාර්ශ්වික සාකච්ඡා වර්ධනය කර ගනිමින් සාකච්ඡා පවත්වද්දී ඇමෙරිකා සහ ඉන්දීය නියෝජිතයන් අතරේ ද සාකච්ඡා පැවැත්විණි.
මෝදි හමුවන්න ලැබීම තමන්ට සතුටක් මෙන්ම ගෞරවයක් බවත් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවුණු බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පසුව කියා සිටියේය.
(ඒ.එෆ්.පී.)