චෙන්නායි වැසියන්ට වතුර නෑ
දැඩි නියං කාලගුණය හේතුවෙන් ප්රධාන විල් හතරක් සිඳී යෑමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ චෙන්නායි නුවර වැසියන් දැඩි ජල අර්බුදයකට මුහුණ දී සිටිති.
චෙන්නායි නුවර දිනක ජල පරිභෝජනය ලීටර් මිලියන 830 ක් වන නමුත් විල් සිදි යෑමෙන් ජලය සැපැයීම ගැටලුවක් වී ඇතැයි බලධාරීහු පෙන්වා දෙති.
චෙන්නායි නුවර වැසියන්ගේ පරිභෝජනයට ජලය ලබා ගන්නේ පූන්ඩි, රෙඞ් හිල්ස්, චොලවරම් සහ චෙම්බරම්බකාම් නමැති විල් හතරෙනි.
තමිල්නාඩු බලධාරීන් පෙන්වා දෙන්නේ වසර 140 කට පසු ප්රාන්තයට බලපෑ දරුණුතම නියගය මෙය කියාය.
(එන්.ඩී.ටීවී.)