චීනය යුද වියදම් ඉහළ දමයි
හමුදා කටයුතු සඳහා සිදුකරන වියදම් මෙම වසරේ දී සියයට 7 කින් ඉහළ නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එරට ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්රකාශ කර දින කිහිපයක් ගතවීමටත් පෙර චීනය ද එම වියදම් ඉහළ නැංවීමට තීරණය කිරීම විශේෂත්වයකි.
චීනයේ ජාතික මහජන කොංග්රසය රැස්වීමට නියමිතව තිබියදී මෙම තීරණයට එළැඹීම ද විශේෂත්වයකි. චීනයේ ආර්ථික වැඩපිළිවෙළ පුළුල්වීමත් සමඟ තම හමුදා ශක්තිමත්කර ගැනීමට චීනය කටයුතු කරමින් සිටින බව චයිනා ඩේලී පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙනවා.
තිළිණි ද සිල්වා
බීබීසී ඇසුරෙනි.