චීන සමාගම් 50 කට එරෙහිව සම්බාධක
උතුරු කොරියාව සමඟ සම්බන්ධතා පවත්වන චීන සමාගම් 50 කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා අැත.
නැව් සමාගම් රැසකට එරෙහිව මේ යටතේ සම්බාධක පැනවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන අතර චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ඒකපාර්ශ්වික තීරණයක් වශයෙන් මෙම සම්බාධකය පනවා තිබෙන බවයි. මෙම තීරණයෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර හොඳහිත පළුදු විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.
උතුරු කොරියාවට ඛනිජ තෙල් සැපයීම සිදුකරන ප්රිධානම රාජ්යෙය වන්නේ චීනයයි. උතුරු කොරියාවට ඛනිජ තෙල් අපනයනය කිරීම අත්හිටුවන ලෙස ඇමෙරිකානු බලධාරීන් චීනයට දැනුම් දුන්න ද එය මෙතෙක් ප්රටයෝගිකව ක්රිඅයාත්මක වී නැහැ.
( තිළිණි ද සිල්වා )