චීන විරෝධී යුද අභ්‍යාසය
චීනය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මධ්‍යයේ තායිවානය වාර්ෂික යුද අභ්‍යාසයක් පවත්වා තිබේ.
මෙහිදී ආක්‍රමණශීලි හමුදාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරුණි.
මෙම යුද අභ්‍යාසය පවත්වනු ලැබුවේ තායිවාන ජනාධිපතිනිය සහ ස්වාසිලන්ත රජුගේ මූලිකත්වයෙන් බව සඳහන් වෙයි.
චීන දැක්මට අනුව තායිවානය චීනයෙන් කැඩී වෙන්ව ගිය භූමියක් වන අතර කෙදිනක හෝ යළි චීනයට ඈඳා ගැනීමේ බලාපොරොත්තුවක් පවතියි.
එහෙත් තායිවාන ජාතිකයින් ඔවුන් ස්වාධීන ජාතියක් ලෙස විශ්වාස කරන චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරයි.
චීනයේ හා තායිවානය 1949 වසරේදී දෙකඩ වී ගියේ චීන සිවිල් යුද්ධය අතරතුරයි.
චීනයෙන් වෙන් වූ තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස ස්ථාපිත නමුත් දෙරට අතර දශක ගණනාවක් පවතින්නේ දැඩි විරසකයක්.
පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ තායිවානය වාර්ෂිකව පවත්වන මෙම යුධ අභ්‍යාසය සඳහා මෙවර 4000කට අධික පිරිසක් සහභාගී වී සිටියි.
මේ සඳහා යොදා ගත් උපකරණ සංඛ්‍යාව 1500 කට අධික බව විදෙස් වාර්තා සඳහන් කළේය.
( තිළිණි ද සිල්වා)
අල්ජසීරා ඇසුරෙනි.