කොස්ටා රීකාවෙත් ප්‍රබල භූමි කම්පාවක්



රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ අති ප්‍රබල භූමි කම්පාවකින් ඉරානය, ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල් කැළැඹෙද්දී, ලතින් ඇමෙරිකාවට අයත් කොස්ටා රීකා රාජ්‍යය ද භූමි කම්පාවකින් දෙදරා ගියේය.

මෙම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයත් සටහන් කළේය. වාසනාවකට, භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවිණි.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කොස්ටා රීකාවට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 20 ක් පමණ ගැඹුරින් හටගත්තේ යැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

භූමි කම්පාවෙන් කැළැඹී ගියේ වෙරළාශිතව පිහිටි යාකෝ නමැති නගරයයි. නගර වැසියෝ මහත් සේ බියට පත් වූහ. යාකෝ යනු විදේශිකයන් අතර ප්‍රකට සංචාරක නගරයක් ලෙස ද හැඳින්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS