කොන්දේසි නෑ: සාකච්ඡා කරන්න සූදානම්
කිසිදු කොන්දේසියක් නැතිව, කැමැති ඕනෑම වේලාවක සාකච්ඡා කරන්න ඇමෙරිකාව සූදානමින් සිටිනවා යැයි එරට රජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් උතුරු කොරියාවට පැවැසීය.
මීට පෙර ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාව ඔවුන්ගේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික කටයුතු නවත්වන්නේ නම් පමණක් සාකච්ඡා කිරීමට සූදානම් බවය.
කෙසේ නමුත් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ ට්‍රම්ප් පරිපාලනය උතුරු කොරියාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් පවතින අර්බුදය විසඳා ගැනීමට උත්සාහ ගන්නා බවය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වුණු දා සිට උතුරු කොරියාව අවස්ථා ගණනාවකදී දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවේය. ජලකර බෝම්බ දෙකක් අත්හදා බැලුවේය.
උතුරු කොරියාව සමඟ සාකච්ඡා කරමින්, පවතින අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි යන්න ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවක් විය. ඒ අනුව, උතුරු කොරියාවෙන් දිගින් දිගටම තර්ජන එල්ල වුවත්, ට්‍රම්ප් පරිපාලනය උත්සාහ ගන්නේ සාකච්ඡා කිරීමටය.
උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනය කරන්නේ, ඇමෙරිකාව මුළුමනින්ම සුනුවිසුණු කර දැමීමට හැකි විදියේ නව මිසයිල තමන් සතු යැයි පවසමිනි. දෙරට අතර යුද්ධයක් හටගත්තොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇතැයි යුද විශ්ලේෂකයෝ බිය පළ කරති. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ඇමෙරිකාවේ අරමුණ යැයි රාජ්‍ය ලේකම් ටිලර්සන් අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)