කෙන්යානුවන් පාරට
රට තුළ දුෂණය පිටුදකිමින් කෙන්යාවේ නයිරෝබි නුවරදී එරට වැසියන් විරෝධතාවක් පවත්වා තිබේ.
දූෂිත නිලධාරීන්ට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙහිදී ජනතාව සිය විරෝධය පළ කළේය.
මේ අතර මහජන අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන සියයකට ආසන්න මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා දින රාජ්‍ය සේවකයින් සහ ව්‍යාපාරිකයින් පිරිසකට චෝදනා එල්ල විය.
මේ වන විට සිරභාරයේ පසුවන ඔවුන් එළඹෙන 4 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔවුන්ගේ ඇප ඉල්ලීම් විභාගයට ගැනීමට නියමිතයි.
චෝදනා එල්ල වූ පුද්ගලයින් අතර කෙන්යා රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ප්‍රධාන ලේකම්වරයාද සිටියි.කෙසේ වෙතත් තමාට එරෙහිව එල්ල වන සියලුම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.
මේ අතර දුෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින්ට එරෙහිව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ද මෙහිදී ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් විය.
( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි.