ඔබාමා ජූරියේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්තයේ උසාවියක් හිටපු ජනාධිපති බරක් ඔබාමා, ජූරි සේවය සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.
වැඩි විස්තර හෙළිදරව් කරනැති නමුත් හිටපු ජනාධිපති ඔබාමා එම කැඳවීමට අනුව උසාවියේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ධවල මන්දිරයෙන් පිටත්ව ගිය පසු හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද ජූරි සේවය සඳහා අධිකරණය විසින් කැඳවා ඇත.
හාවර්ඩ් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බරක් ඔබාමා, සෙනෙට් සභාවට පත්වීමට ප්‍රථම චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස වසර 12ක් කටයතු කළේය.
එමෙන්ම ඔහු මානව හිමිකම් පිළිබඳ නීතිවේදියෙකු වශයෙන් ද කටයුතු කර ඇත.
තිළිණි ද සිල්වා