උතුරු කොරියාව ජපානය දෙසට බැලැස්ටික් මිසයිල යවලා



උතුරු කොරියාව හිටිහැටියේම ජපානය දෙසට දිගු දුර බැලැස්ටික් මිසයිල 4 ක් යැවීය.

එම මිසයිල උතුරු කොරියාවෙන් නිකුත් වූ සැණින් කලබලයක් හට ගත්තේය. ජපන් නාවික හමුදාව පමණක් නොව ඇමෙරිකන් හමුදාව ද ප්‍රතිප්‍රහාරයකට සූදානම් විය.

උතුරු කොරියාවෙන් ආ එම මිසයිලවලින් තුනක් පතිත වූයේ ජපන් කර්මාන්ත කලාපය යනුවෙන් හඳුන්වන කලාපයට ආසන්නයේ ජපානයට අයත් මුහුදු සීමාවටය.

මිසයිලවලින් ජපන් දූපත්වලට හානියක් වූයේ නම්, එය තෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

උතුරු කොරියාව මෙසේ මිසයිල ජපානය දෙසට යැවුවේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී ඉකුත් සතියේ කොරියානු අර්ධද්වීපයේ සිදු කළ ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය දැක්වීමක් වශයෙන් යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති. කෙසේ නමුත් උතුරු කොරියානු රජය පසුව පවසා සිටියේ තමන් කළේ මිසයිල අත්හදා බැලීමක් කියාය.

(රොයිටර්)


RECOMMEND POSTS