ඉන්දු ප්‍රංශ සබඳතා තරවෙයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර අද (10) ගිවිසුම් රැසකට අත්සන් තැබුණි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඉන්දියාවේ නවදිල්ලි බලා පැමිණියේ පසුගිය සිකුරාදා දිනයේය. ඔහුට ඉන්දීය අගමැති මෝදිගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ප්‍රංශ ජනපති ආර්යාව ද මෙම සංචාරයට එක් වී සිටින්නීය. ප්‍රංශ ජනපති පිළිගැනීමට ඉන්දීය අගමැති මෝදි ගුවන්තොටුපොළට ගිය බව ද වාර්තා වේ. මෝදි ප්‍රංශ ජනපතිවරයා පිළිගත්තේ ඔහු වැළඳගනිමිනි.
චීනයෙන් එල්ල වන අභියෝග හමුවේ, ඉන්දියාවට සමීප වීම ප්‍රංශයේ අරමුණ වී ඇත. අගමැති මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් දෙරටටම වැදගත් වන ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුවේය. ඊට අමතරව ප්‍රංශයෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමකට ද මෝදි අත්සන් කළේය.
(එන්.ඩී.ටීවී.)