ඇමෙරිකා යුද නැවක් තෙල් නැවකට ගැටෙයි



ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක යුද නැවක් සිංගප්පූරුට ඔබ්බෙන් මුහුදේ දී තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් සිදුවුණු අනතුරින් ඇමෙරිකන් නාවිකයෝ 10 දෙනෙක් අතුරුදන් වූහ. තුවාල ලැබූ ගණන 5 කි.

තෙල් නැවේ ගැටී ඇත්තේ යූ.එස්.එස්. ජෝන් එස්. මැකේන් මිසයිල විදිනවලින් සන්නද්ධ ඇමෙරිකන් ප්‍රහාරක නැවකි.

තම නැව අනතුරට ලක් වී ඇත්තේ සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටින අවස්ථාවකදී යැයි ඇමෙරිකාව කියයි.

ඇමෙරිකන් නැවක් මේ අයුරින් අනතුරකට මුහුණ දුන් දෙවැනි අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS