ආර්ථික උපදේශක ඉල්ලා අස්වෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශකවරයකු ලෙස ගැරී කෝන් නිවේදනය කළේ තමන් තම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.
ගැරී කෝන් ඉල්ලා අස්වෙන්නේ, ජනපති ට්‍රම්ප් සමඟ හටගෙන ඇති මත ගැටුමක් මුල්කොට ගනිමිනි. ගැරී කෝන්ගේ ඉල්ලා අස්වීම සිදුවී ඇත්තේ එරට වානේ සහ ඇලුමිනියම් ආනයනික භාණ්ඩවලට බදු පැනැවීමට ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කළ සැලැසුම්වලට විරෝධය පාමින් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)